අවංකභාවයෙන් සපිරි රටක් බවට පත්වීම වත්මන් අවශ්‍යතාවයයි!

අවංකකම පෙරදැරි කරගනිමින් අප ශ්‍රී ලංකාව යහපත් මගකට යොමු කිරීම පිණිස විද්වතුන්, වෘත්තිකයන් , කළාකරුවන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්, ආයතනික ප්‍රධානින්, ව්‍යාපාරික ප්‍රධානින් ඇතුළු උගත් මහජනතාව වෙත කරන ඇරයුමයි.

මෙනෙහි කළයුතු කරුණු


යුද්ධය

  • වසර තිහකට වැඩි කාලයක් පුරා පැවතී, ශ්‍රී ලාංකික තරුණ තරුණියන් දහස් ගණනකගේ ජීවිත බිලිගත් යුද්ධයට මූලිකවූ කරුණු විසඳි තිබේද?

  • ජනවාර්ගික ගැටුමට මූලික වූ කරුණු හා දුක්ගැනවිලි විසඳානොගෙන ඒවා නොසලකා හැරීම තවත් ව්‍යසනයකට මුල පිරීමක් විය හැකිය.

    මෙම අංශයන් තුල අපගේ ක්‍රියාකාරිතත්වය බලන්න.

ආගමික නොසන්සුන්තාවය

  • ජාතිකවාදිත්වය මුවාවෙන් අන්තවාදී කණ්ඩායම් සුළු ජාතින් සහ සුළුතර ආගමික කණ්ඩායම්වලට පහරදී ඔවුන්ගේ දේපල විනාශ කර, ඔවුන්ව අවතක්සේරු කොට සළකන විට අප එය උදාසීනව බල සිටිමුද?

මුදල්

  • අල්ලස් ගැනීම අප රටේ සිව්වන භාෂාව බවට පත්ව ඇත. අපේ දරුවන් ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රගුණ කිරීමට ගන්නා වෑයමේ තරමටම, මෙම භාෂාවද ප්‍රගුණ කරවීමට අප වෑයම්  කරන්නෙමුද? අපගෙන් බොහෝ දෙනෙකුගේ හැඟීම වන්නේ අල්ලස් වලට අප සම්බන්ධ නොවන බවයි. මන්ද, ඉතා සූක්ෂම ලෙස එයින් මිදෙන පිණිස එම ක්‍රියාව වෙනත් කෙනෙකු වෙත අප පවරණ බැවිනි (outsource).

  • අල්ලස් ලබාගන්නා අවස්ථාවන් පිළිබඳව සමාජ මාධ්‍යය සහ සාම්ප්‍රදායික මාධ්‍යය හරහා ජනතාව දැනුවත් කළයුතු වේ. අල්ලස් ලබාදෙන සහ ලබා ගන්නා අපරාධකරුවන් හෙළිදරව් කිරීමට ගතහැකි වෙනත් ක්‍රියාමාර්ග ද ඉස්මතු කල යුතුය.

ගණිකා වෘත්තිය (ලිංගික ශ්‍රමිකයන්)

  • ගණිකා වෘත්තියෙහි නියැලෙන්නන්ගේ සංඛ්‍යයාව වේගයෙන් ඉහල යමින් පවතී. ගණිකා වෘත්තියට පිවසීමේ මූලාරම්භක දොරටුවක් වන්නේ හතු මෙන් පිපෙන සම්භහන ආයතනයන්ය. අද සම්භහන ආයතන පුවත්පත් දැන්වීම් සඟරා වල වැඩිම දැන්වීම්කරුවන් පස් දෙනා අතර වේ. මාගේ මිත්‍රවරුනි, ගණිකා වෘත්තියට මූලික හේතුව වන්නේ දරිද්‍රතාවයයි.

ගොවි ජනතාව

  • ​ඉකුත් වූ වසර ගණනාවක් මුළුල්ලේ, අනුප්‍රාප්තික රජයන් හේතුකොට ගොවි ප්‍රජාවට ලැබී ඇත්තේ අලභාකාරී, පාඩුසහගත වාතාවරණයකි. උදාහරණයක් වශයෙන් ගත්කල, ඔවුන්ට සමහර අවස්ථාවලදී පොහොර හා ජලය නිසි කාලයට නොලැබේ. වෙනත් අවස්ථාවක අස්වැන්නට සරිලන මිලක් නොලැබේ. තවත් විටක අස්වැන්න මිලදී ගැනීමේ ප්‍රමාදයන් සිදුවේ. මේ සෑම අවස්ථාවකදීම පාඩු ලබන්නේ අසරණ ගොවි ජනතාවමයි.

අයුක්තිය

  • අධිකරණ පද්ධතියේ පවතින ප්‍රමාදයන්ට පිළියම් සෙවීමට අනුප්‍රාප්තික රජයන් අපොහොසත් වී ඇති අතර දහස් ගණනක් නඩු පවරන්නන් කෙරෙහි නිසි යුක්තිය ඉටු නොවී ඔවුන් තම සොහොන් වෙත ගොස් ඇත. අපි අධිකරණයට යන්නේ යුක්තිය බලාපොරොත්තුවෙන්. නමුත් අපට සැබවින්ම කාලෝචිත ආකාරයකින් යුක්තිය ලැබෙන්නේද?නැතහොත් එය ලැබන්නේ යමෙකු ජීවිතයේ කෙලවරට ලඟාවූ විටද?

  • පාතාල මැර  කල්ලි පවතින්නේ ඔවුන් මත්ද්‍රව්‍ය ජාවාරක්මකරුවන් සහ සමහර දුෂිත දේශපාලකයන් සමඟ පවත්වාගෙන යන සම්බන්ධතා නිසාය.

  • බන්ධනාගාර පද්ධතියෙන් සිදුවිය යුතු වන්නේ සිරකරුවන් පුනරුත්ථාපනය කර ඔවුන් වඩා හොඳ පුරවැසියන් බවට පත් කිරීමය. පුනරුත්ථාපනය සාක්ෂාත් කරගත යුත්තේ වරදිකරුවෙකුට දඬුවම් කිරීමෙනි. නමුත් බන්ධනාගාර පද්ධතිය දුෂිත බැවින් සිරගතව සිටින රැඳවීයන් තව තවත් නපුරට යොමු කල හැකි සිගරට්, මත්ද්‍රව්‍ය, අවි ආයුධ වැනි ඕනෑම දෙයක් මිලකට ලබා ගත හැකිය.

  • පොලිස් දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය අංශයේ බොහෝ නිළධාරීන් කූට දේශපාලකයන්ගේ අතෙහි රූකඩ බවට පත්ව ඇත. රාජ්‍ය අංශයේ අභිමානය සහ ගරුත්වය අපි නැවත වතාවක් ගොඩනැගිය යුතුය. එවිට පොලිස්  නිළධාරීන් සහ ත්‍රිවිද හමුදාවේ නිළධාරීන් ඇතුළු රාජ්‍ය අංශයේ සේවකයන්ට ගෞරවයෙන් සහ ආඩම්බරයෙන් තම රාජකාරිය කිසිවෙකුට හිස නොනමා අභිමානයෙන් ඉටු කරන්න හැකි වන්නේය.

 

Empowering Over-indebted Villagers (සිංහල)

  • වගකීම් විරහිත මුදල් ණය දෙන ආයතනයන්, විවිධාකාරයෙන් නගර හා තදාසන්න ප්‍රදේශවලට සහ ගම්මාන වලට ඇතුළු වී, රට පුරා විසිරී සිටින දහස් ගණන් දුප්පතුන් අධික ණයගැතිභාවයේ උගුළට හසුකරගෙන සිටිති.

 

අපගේ කුඩා ව්‍යවසායකයින් සංවර්ධනය තුළින් සමෘධිමත් කිරීම

  • කොවිඩ්-19 වසංගතයේ ආරක්‍ෂණ ක්‍රියාමාර්ග බලපැවැත්වීම හේතුකොටගෙන විශේෂයෙන්ම සුළු සහ කුඩා ව්‍යවසායකයින් ගේ ව්‍යාපාර කටයුතු ඉතා දරුණු පසුබෑමකට ලක්ව ඇත.

  • බැංකු හරහා හඳුන්වා දුන් ණය යෝජනා ක්‍රම සහ සහණ ණය ක්‍රමවේදයන් වලින් ප්‍රයෝජන ගැනීමට හෝ එම ණය ක්‍රම කෙරෙහි වැඩි උනන්දුවක් නොදක්වන්නේ, මෙම ව්‍යවසායකයන්ට බැංකු මගින් ඉල්ලා සිටින ඇප ආදිය ලබා නොදීමට ඔවුන් අපොහොසත් තත්වයක සිටීම හේතුවෙනි.

  • මෙරට ආර්ථික කටයුතුවලින් බහුතරයක් මෙම කුඩා ව්‍යාපාර මාර්ගයෙන් සිදුවන බැවින් එවැනි ව්‍යාපාර ආරක්ෂා කිරීම හා ශක්තිමත් කිරීම අතිශයින්ම වැදගත්ය.

අමතන්න

ඕනෑම ප්‍රශ්නයක් සමඟ අප හා සම්බන්ධ වන්න.


විද්‍යුත් තැපැල් ලිපිනය

avankalanka@gmail.com

දුරකථන අංකය

(+94) 77 249 7739