මව් ලංකාවේ දියණියන් බේරා ගැනීම

ගණිකා වෘත්තියෙහි නියැලෙන්නන්ගේ සංඛායාව වේගයෙන් ඉහල යමින් පවතී. ගණිකා වෘත්තියට පිවිසීමේ මූලාරම්භක දොරටුවක් වන්නේ හතු මෙන් පිපෙන සම්බාහන ආයතනයන්ය. අද සම්බාහන ආයතන පුවත්පත් දැන්වීම් සඟරා වල වැඩිම දැන්වීම්කරුවන් පස් දෙනා අතර වේ. මාගේ මිත්‍රවරුණි, ගණිකා වෘත්තියටමූලික හේතුව වනුයේ ධරිද්‍රතාවයයි. මෙයට ගොදුරු වන ගැහැණු ළමයින් යහපත් ආදායම් මාර්ගයක් සොයා දුර බැහැර ගම්මානවලින් පැමිණෙන අය වේ.

ක්‍රියාවට යෙදිය යුතු කරුණු

  • කාන්තා කටයුතු ආමතයංශය, කාන්තා කාර්යාංශය වැනි බලධාරීන්ගේ අවධානය අපේක්ෂා කරමින් මේ කරුණු පිළිබන්ධව පුවත්පත් වලට ලිවීමෙන් ඔවුන් දැනුවත් කිරීමට පටන් ගනිමු 

  • අප මුදා ගන්න දියණියන් සඳහා අතර මැදි නිවාස හෝ මුදා ගැනීමේ මධ්‍යස්ථාන පිහිටුවීම ඊළඟ ප්‍රමුඛතාවය විය යුතුය. 

  • අපගේ අවධානය යොමුකළ යුතු ඊළඟ අභියෝගය වනුයේ මෙම තරුණියන් විකල්ප වෘත්තියන්හි යෙදවීමය.

  • ඉහත කර්තව්‍යයට ඇපකැපවී උරදීමට අපේක්ෂා කරන ඔබට අප සමග අත්වැල් බැඳගෙන ශ්‍රී ලංකා මවගේ දියණියන් නිදහස් කර ගැනීමට  කටයුතු කරන ලෙස අපි ආරාධනා කරමු.