සිරකරුවන්ට බලාපොරොත්තුවක්

පුනරුත්ථාපනය සාක්ෂාත් කරගත යුත්තේ වරදිකරුවෙකුට දඬුවම් කිරීමෙනි. නමුත් පවතින තත්වය නිසා මෙවැනි වෙනස්කම් සිදුවීමි සම්භාවිතාව ඉතා සිහින් වේ. සිරගත කිරීමෙන් බලාපොරොත්තු වන්නේ ඒමේ වරදකරුවගේ පුනරුත්ථාපනය සහ එවැනි වරදකට නැවත නොපෙලම්බවීම යි.

ක්‍රියාවට යෙදිය යුතු කරුණු

  • සිරකඳවුරු තුල මධ්‍යම පරිමාණ නිෂ්පාදන ව්‍යාපෘති පද්ධතියක් ස්‌ථාපිත කිරීම වැදගත් වේ. ඒ තුළින් ඔවුන්ගේ නිර්මාණශිලිත්වය සහ අනෙකුත් කුසලතා එළි දක්වා ඒ තුළින් ඔවුන්ගේ ජීවිතයට නව අරුතක් සහ ඉදිරි දැක්මක් සළසා දිය හැක.

  • බන්ධනාගාර සහ රිමාන්ඩ් බන්ධනාගාර අඩිස්සියේ සිට නිදහස ලැබී ඇතත් , පනවන ලද දඩ මුදල ගෙවිය නොහැකි බොහෝ අයවරු, තවමත් නිකරුණේ සිර අඩිස්සියේ සිටිති. ඔවුන්ගේ දඩ මුදල් පියවා ඔවුන් නිදහස් කර ගැනීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතුය.

  • නිදහස් වූ බොහෝ සිරකරුවන්ට නැවතත් ජීවිතය ආරම්භ කිරීම දුෂ්කර බව වාර්තා වේ. ඔවුන්ට යම් පිළිසරණක් ලබාදීම පිණිස දායක අරමුදලක් ස්ථාපිත කිරීම, මේ කරුණ සඳහා දිය හැකි මූලික විසඳුමකි.

  • මේ සඳහා උනන්දුවක් ඇති අයට අප හා සම්බන්ධ වී මෙම ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාමට හවුල්කරුවකු වන මෙන් ආරාධනා කරමු.