අතුරුදහන් වුවන්, දීර්ඝ කාලයක් අයුතු ලෙස රිමාන්ඩ් බන්ධනාගාරගත කර තැබීම්, අධි ආරක්‍ෂිත කලාප සහ පුරා විද්‍යාත්මක ස්ථාන නමින් රජයට ඉඩම් අත්පත් කරගැනීම්, අනුප්‍රාප්තික රජයන් විසින් ඉල්ලුමට සරිළන ආර්ථික සංවර්ධන අවස්ථා උත්පාදනය නොකිරීම ; උතුරේ ඇති තවත් ප්‍රධාන ගැටළු කිහිපයක් වේ.

උතුරු පළාතේ කාන්තා මූලික පවුල් 60,000 කට‍ අධික ප්‍රමාණයක් තිබේ. අවාසනාවකට මෙන් දකුණේ දේශපාලකයන් උතුරේ ජනතාව ගැන සහ ඔවුන්ගේ අභියෝග ගැන කතා කරන්නේ මැතිවරණ සමයට පමණයි. මෙම ප්‍රශ්ණ පිළිබඳ වත්, කාන්තා මූලික පවුල් පිළිබඳ වත්, දකුණේ ජනතාව සැලකිලිමත් වන බව උතුරේ ජනතාව දැනගත යුතුය.

දකුණේ ජනතාව, උතුරේ ජනතාවට හිමි අයිතිවාසිකම් සහ වරප්‍රසාද ලබාදෙන ලෙසට ඉල්ලා සිටින තෙක් දශක ගණනාවක් තිස්සේ අපේ රට විනාශ කළ ජනවාර්ගික ගැටලු කිසි විටෙකත් විසඳෙන්නේ නැත.

ක්‍රියාවට යෙදිය යුතු කරුණු

  • මේ සඳහා අපගේ ලව් ජැෆ්නා (Love Jaffna) කණ්ඩායම යාපන අර්ධද්වීපයේ දකුණු වට්ටුකොට්ටේ ප්‍රදේශයේ පිහිටි දුප්පත් ගම්මානයක් තෝරාගෙන, දකුණේ ජනතාවගේ සහය ඇතිව, මේ ගම්මානයේ ජීවත්වන ජනයාගේ ජීවිත නඟා සිටුවීමේ ක්‍රියාදාමයක් ආරම්භකර ඇත. මෙම ක්‍රියාවලිය අන් අයට එය ආදර්ශයක් වනු ඇතැයිද, ඔවුන්ද එය ප්‍රතිනිර්මාණය කරනු ඇතැයිද අප අපේක්ෂා කරමු.

  • රැකියා විශාල ප්‍රමාණයක් ලබාදීම අපේක්ෂා කරමින්, උතුරේ කර්මාන්තශාලා ආරම්භ කිරීමට කොළඹ පිහිටි සමාගම් උනන්දු කරවීමට මෙම කණ්ඩායම ක්‍රියා කරයි.
    ඔබට මෙවැනි මනසක් සහ එයට ආශාවක් තිබේනම් අප හා එක්වෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

    ලව් ජැෆ්නා (Love Jaffna) ඡායාරූප සඳහා කරුණාකර ගැලරියට පිවිසෙන්න. එසේම මුහුණපොතේ/ෆේස්බුක් Love Jaffna සොයාගන්න.