Empowering Over-indebted Villagers (සිංහල)

වගකීම් විරහිත මුදල් ණය දෙන ආයතනයන්, විවිධාකාරයෙන් නගර හා තදාසන්න ප්‍රදේශවලට සහ ගම්මාන වලට ඇතුළු වී, රට පුරා විසිරී සිටින දහස් ගණන් දුප්පතුන් අධික ණයගැතිභාවයේ උගුළට හසුකරගෙන සිටිති.

ක්‍රියාවට යෙදිය යුතු කරුණු

  • ලාභ ලෝභී ණය දෙන ආයතනයන් ගේ ග්‍රහනයෙන් අපගේ ගැමි සහ නගර තදාසන්න ප්‍රදේශවාසීන් මුදාගැනීමට සඳහාද, එම ආයතන මෙකී ප්‍රදේශ වලින් තුරන් කිරීමටද, දැනට එම ප්‍රදේශ තුල පවතින ග්‍රාමීය සමිති සංගම් ශක්තිමත් කළ යුතුය. 

  • ග්‍රාමීය සමිති සංගම් ශක්තිමත් වූ විට එහි සාමාජිකයින් වන එම ප්‍රදේශයේ ජනතාව ගේ ඉතිරිකිරීම් සහ ණය අවශ්‍යතා සපුරාලීමට ඔවුන්ට හැකි වේ.