වතුකර ප්‍රජාව/ කම්කරුවන් තේරුම් ගැනීම

ලොව පුරා ප්‍රසිද්ධ ශ්‍රී ලංකාවේ තේ නිපදවන, 800,000කට අධික වතු කම්කරු ප්‍රජාවක් අප රටේ සිටිති. අවාසනාවට මෙන් වතුකර සමාගම් සිය ශ්‍රම බලකාය රඳවා ගැනීමට විශාල ගැටලුවකට මුහුණ දී සිටී. එනම්, තරුණ පරම්පරාව නිරතුරුවම නගරය කරා සංක්‍රමණය වන අතර වතුකරයෙන්ද බැහැරව සිටී. මෙයට ඍජුවම බලපාන්නේ ඔවුන් ජීවත් වන ඉතා දුක්ඛිත තත්වයන් වන අතර වතු කම්කරුවෙකු ලෙස සුභවාදී හා වාසිදායක වාත්තීය මාර්ගයක් නොමැතිකමය.

මෙම අර්බුදය දෙස ධනාත්මකව හා මානුෂිකව බැලුවහොත් විසඳුමක් සොයාගත හැකිය.

තම පියා තේ වතු  අධිකාරීවරයෙකු ලෙස සේවය  කළ බැවින් ලසන්තා, තේ වතුයායක හැදුන වැඩුන අතර වතුකර ප්‍රජාව අවබෝධයෙන් හා සංවේදයෙන් තේරුම්ගැනීමට ඔහුට හැකියාවක් ඇත. 

වතුකම්කරුවාට සහ පවුල්වලට තමා සේවය කරන සහ ජීවත්වන වතුයායේ අයිතියක් හා පංගුකාරත්වයක් ඇති බවට හැඟීමක් ඇති කළහොත් අරුම පුදුම දේ සිදුවිය හැකිය.

ක්‍රියාවට යෙදිය යුතු කරුණු

වැවිලි සමිති, වැවිලි මානව සංවර්ධන භාරකාරය සහ වැවිලි සමාගම් සමඟ සංවාදයක් ආරම්භ කර, වර්ණාවලියේ සෑම පැත්තකම ඇති අභියෝග හා සීමාවන් අවබෝධ කරගෙන, පවතින ගැටළු වලට තිරසාර විසඳුමක් සෙවීමේ අදහසින් නිවැරදි දිශාවට පියවරක් ගැනීමට අප කටයුතු කරනු ඇත. අප සමඟ සම්බන්ධ වී මෙම කර්ථව්‍යයට උරදීමට එක්වන්න.