IMG-20200209-WA0032.jpg

අපේ දැක්ම

ජනවාර්ගිකත්වය, ආගම, කුලය, භාෂාව ආදී වෙනස්කම් වලින් තොරව, සියලු පුරවැසියන්ට ශ්‍රී ලාංකිකයන්ලෙස, අභිමානයෙන් යුතුව ජීවත් විය හැකි සාමකාමී ශ්‍රී ලංකාව ක් ගොඩනැගීමය.

අපේ මෙහෙවර

අවංකභාවය, වගවීම ,සමානත්මභාවය , අවිහිංසාව  සඳහා කටයුතු කිරීමට කැපවී සිටින සිවිල් සමාජය සහ අනෙකුත් සිවිල් සමාජ කණ්ඩායම් එක්රැස් කර -

අව්‍යාජ ප්‍රතිසංධානය තුලින් සැබෑ සාමය උදා කිරීම.

සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ අධිපත්‍යය ස්ථාපිත කිරීමෙන් දැහැමි පාලනයක් ඇති කිරීම.

හුදු සටන්පාඨයකට පමණක් සීමා නොවී, විදේශ ආයෝජන, කර්මාන්ත සහ රැකියා වැඩි කිරීම තුලින් රටේ තිරසාර සංවර්ධනයක් ගොඩනගා  ශ්‍රී  ලංකාව ආසියාවේ සැබෑ ආශ්චාර්යය බවට පත් කිරීමට කටයුතු කිරීම.

අපේ ඇරැයුම

ශ්‍රී ලංකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්, දැනට විදේශ ගතවී සිටින ශ්‍රී ලංකික ප්‍රජාව සමග එකමුතුවී ශ්‍රී ලංකාවේ අභිවෘධිය  උදෙසා ධනාත්මක වෙනසක් කිරීමට ක්‍රියා කළයුතු කාලය එළබී ඇති බව විශ්වාස කරන සියල්ලටම දෙන කැඳවීම.

බොහෝ අවස්ථාවලදී සිවිල් සමාජය ගැන අප සඳහන් කරන විට බිම් මට්ටමේ සිටින විශාල පිරිසක් ගැන සිතන්නෙමු. දූෂිත දේශපාලකයන් බොරු පොරොන්දු දීමෙන් සහ ප්‍රචණ්ඩ බලපෑම් කිරීමෙන් බිම් මට්ටමේ සිටින ජනතාවගේ ඡන්දය  ගත් ආකාරය අපි නිරන්තරයෙන් දුටුවෙමු.

නමුත් අපේ රටේ හඬක් ඇති එකම කොටස ඔවුන්  පමණක්ම නොවේ.

මගේ  මිතුර, රටේ දළ දේශීය නිෂ්පාදනයට දායක වන සේවා දායකයින් සහ සේවකයන් වන අපහට අපගේ මතය ප්‍රකාශ කිරීමට නිත්‍යානුකුල   අයිතියක් ඇත.

උදාහරණයක් ලෙස ගතහොත් යමෙකු කැමති වූවත් නැතත්, පෞද්ගලික අංශය යනු රටේ වර්ධන ප්‍රවේග නියමුවා වේ. එම නිසා පෞද්ගලික අංශයට එහි නියම ස්ථානයට පිවිසීමේ කාලය දැන් එළඹී ඇත.

රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් වගකිව යුත්තන් වන්නේ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිළධාරින්ය. නමුත් අවසනවකට මෙන්, ප්‍රයෝගිකව ගත කළ, මෙම නිළධාරීන් දේශපාලකයන්ගේ සේවකයන් සහ හෙනචය්යන් මට්ටමට පත්ව ඇත. මෙයද වෙනස් විය යුතුය.

අප වනාහි, දැනට බලයේ සිටින ආණ්ඩුවේ හෝ විපක්ෂයේ අතකොලුවන් නොවන්නෙමු.

සෑම දෙයක්ම සහ සෑම කෙනෙකුම විවේචනය කරමින් පසෙකට වී සිටීමට අපට අවශ්‍ය නැත, අපට අවශ්‍ය වන්නේ විසඳුමේ ක්‍රියාකාරී කොටසක් වීමටයි.

මහත්මා ගාන්ධි තුමා පැවසූ පරිදි, "සාමයටඅන් මගක් නැත - සාමය යනු මාර්ගයයි" යන කියමන අපි තරයේ විශ්වාස කරන්නෙමු.

ජනවාර්ගික ගැටුමට මුල්වූ හේතූන් සහ දුක්ගැනවිලි විසඳීමට අප උත්සාහ කරන අතර, අප සැමට පිළිගතහැකි විසඳුම් යෝජනා කිරීමට අප ක්‍රියා කරන්නෙමු. අපේ මාතෘ භූමිය ශ්‍රී ලංකාවේ සියලුම දරුවන්ට එක සමාන ගෞරවයක් ඇතුව, ජනවාර්ගික, භාෂා, ආගම් හෝ කුල භේදයන් තොරව සාමයේ පරිසමානාර්ථයෙන් ජීවත්වීමට තෝතැන්නක් කිරීම  අපගේ අවසාන ඉලක්කය වේ.

ජනවාර්ගික ගැටුම විසඳී නොමැති නම්, අපට රටක් ලෙස ඉදිරියට යා නොහැක. 2009 දී යුද්ධය අවසන් විය. එහෙත් අවිනිශ්චිතභාවය තවමත් පවතී. අප ලබා ඇති ප්‍රගතිය කුමක්ද? අපි තවත් කළ යුත්තේ කුමක්ද?

ශ්‍රී ලංකා රජය විවේචනය කරන, විවිධ රාජ්‍ය විරෝධි ඩයස්පෝරා සංවිධානය සහ ජාත්‍යන්තර ප්‍රජාවේ කොටස්,  විනිවිදභාවය.,යහපාලනය, සමානාත්මතාවය උදෙසා නැගී සිටිමින් සහ අයුක්තිය, දුෂණය සහ අපරාධ වලට එරෙහිව ස්ථාවරයක් ගනිමින්, සැඟවුණු න්‍යායපත්‍රවලින් බැහැරව, සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම සඳහා, උගත් ශ්‍රී ලංකා සිවිල් සමාජයේ කැපවීම පිළිබඳ සාක්ෂි දකින කල, ශ්‍රී ලාංකිකයන් නිසි තැන ලබාගෙන ඇති බවට එකී විවේචකයන් හා විරෝධකයින් එකඟ වනු ඇත.

ශ්‍රී ලංකාවේ උතුරුකරය දමිළ ජනතාවට පමණක් අයත් නොවන අතර, ශ්‍රී ලංකාව මුළුමනින්ම සිංහල ජනතාවට පමණක් අයත් නොවන බවත් අප මතක් කරගත යුතුය. ශ්‍රී ලංකාව මුළු ලක් මාතාවගේ දරුවන්ගේ නිජබිමයි. මෙයයි සත්‍යය.

අපගේ දෙමව්පියන් අපට දුන් යුද්ධයෙන් විනාශවූ රටක උරුමය වෙනුවට අපේ දරුවන්ට සාමය උරුමයක් ලෙස ප්‍රතිස්ථාපනයකරදීම අපගේ වැදගත්ම දායාදය වනු ඇත.